සයිබර් අවකාශය සහ සයිබර් අපරාධ | සත්මඬල

සයිබර් අවකාශය සහ සයිබර් අපරාධ

භෞතික ලෝකයේ මෙන් නොව සයිබර් අවකාශය මිනිසාගේ නිර්මාණයකි. භෞතික ලෝකයට සීමා තිබුණ ද සයිබර් අවකාශයට සීමා නැත. විද්‍යාවේ හා තාක්ෂණයේ ප්‍රගතිය සමඟ භෞතික ලෝකය කුඩා වී සයිබර් අකාශය ව්‍යාප්ත වී ඇත.

21 වන සියවසේ ඩිජිටල් තාක්ෂණ යුගයේ කාන්තාවන්ට එරෙහි වූ අලුත්ම තර්ජනය “සයිබර් අපරාධ” යි. කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි ව ඩිජිටල් මාධ්‍ය උපයෝගී කොට ගෙන සිදු කරන අපරාධයන් විවිධ ස්වරූපයක් ගන්නා සංකීර්ණ ඒවා වන අතර, ඒවා සම්බන්ධයෙන් නෛතික හා මනෝ සමාජීය මැදිහත්වීම් සිදු කිරීමේදී විද්‍යාත්මක විශේෂඥ දැනුමෙහි හා කුසලතාවල සහාය දැඩි ලෙස අවශ්‍ය වේ. කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව සිදු කරන සයිබර් අපරාධවල ආනුෂාංග නිමක් නොවූ අවකාශය හා සමානය. සීමාවක් නැත.

විද්‍යාවේ හා තාක්ෂණයේ නවීනතව දියුණුවත් සමග නීති කේෂ්ත්‍රයේ දැඩි අවධානය යොමු වූ සයිබර් අපරාධ සම්බන්ධයෙන් නීතිය ප්‍රතිචාර දැක්වීමේදී සංකීර්ණ වූත්, තාක්ෂණික වූත් කරුණු රාශියක් කෙරෙහි සුපරික්ෂාකාරී අවධානය යොමු කිරීම අනිවාර්ය අවශ්‍යතාවකි. සයිබර් අපරාධ සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීම සහ නීති ක්‍රියාත්මක කිරීම ශීඝ්‍රයෙන් වර්ධනය වන අන්තර්ජාලීය ඉංජිනේරු විද්‍යාව සහ පරිගණක විද්‍යාව හා සමගාමීව විද්‍යාත්මක විෂය පථය පිළිබඳ පුළුල් අවබෝධයක් හා දැනුමකින් යුතුව සිදු කළ යුතුය.

ඩිජිටල් මාධ්‍ය යනු කුමක්ද ?

ඩිජිටල් දත්ත ගබඩා කර ඇති ඕනෑම (සංවාහක) උපකරණයක් ඩිජිටල් මාධ්‍යයක් සේ සැලකිය හැකිය. පරිගණකයක ජනනය කෙරෙන සියලුම දත්ත ඩිජිටල් දත්ත වෙයි.

පරිගණකයක රඳයා ගෙන ඇති දත්ත, හඬ හා වීඩියෝ වැනි ඕනෑම වර්ගයක තොරතුරු මෙම ගණයට ගැනේ.

වෙබ් අඩවියක හෝ බ්ලොග් පිටුවක ප්‍රචාරය වන ඕනෑම රූපවාහිනී ජාලයක, පුවත්පතක හෝ සඟරාවක අඩංගු පුවත් මීට ඇතුළත් වෙයි.

ඩිජිටල් මාධ්‍ය උපකරණ

යූ ටියුබ් වීඩියෝ පටලයක්

ෆේස්බුක් පිටුවක්

යූ.එස්.බී. තම්බි ඩ්‍රයිව්

සී.ඩී. හෝ ඩී.වී.ඩී

වෙබ් අඩවිය

විද්‍යුත් තැපෑල

සයිබර් අවකාශය යනු කුමක්ද ?

භෞතික ලෝකයේ මෙන් නොව සයිබර් අවකාශය මිනිසාගේ නිර්මාණයකි. භෞතික ලෝකයට සීමා තිබුණ ද සයිබර් අවකාශයට සීමා නැත. විද්‍යාවේ හා තාක්ෂණයේ ප්‍රගතිය සමඟ භෞතික ලෝකය කුඩා වී සයිබර් අකාශය ව්‍යාප්ත වී ඇත. එම නිසා නීත්‍යනුකූල අරමුණු සඳහා සයිබර් අවකාශය යොදා ගන්නේ නම් වෙනත් කිසිදු සන්නිවේදන මාධ්‍යයකට වඩා මනුෂ්‍යත්වයට වාසි සැලසිය හැකිය.

සයිබර් අපරාධ යනු මොනවාද ?

සමාජ සම්බන්ධතා ජලගත අඩවි, වෙබ් අඩවි, විවාද මණ්ඩප, ඉලෙක්ට්‍රොනික තැපෑල, වැට් අඩවි, හමුවීම් අඩවි යනාදි මාර්ග මගින්, එහෙත් ඒවාට සීමා නොවූ උපක්‍රම යොදා පරිගණක හා අන්තර්ජාලය මගින් සිදු කරන සාපරාධි ක්‍රියා සයිබර් අපරාධ සේ ගැනේ.

පහත සඳහන් අංග ඉතා පොදු සයිබර් අපරාධවලට ඇතුළත් වෙයි.

1. හැකින් /Hacking

පරිගණක පද්ධතිය තුළට අනවසරයෙන් ප්‍රවේශ වී දත්ත ලබා ගෙන කඩාකප්පල්කාරී ක්‍රියාවල යෙදීම සයිබර් අපරාධයකි. මෙලෙස අනවසරයෙන් දත්ත ලබා ගන්නා පුද්ගලයින් පරිගණක පද්ධතිවල සහ ජාලවල පවතින නොයෙක් දෝෂ හඳුනා ගෙන ඒවා ප්‍රයෝජනයට ගනිමින් එම පද්ධතීන්ට ඇතුළු වීමට උත්සාහය කරති.

2. මැල්වෙයාර් Malware

පරිගණක පිඑිමි නොදැනුවත්වම පරිගණකයට ඇතුළු කෙරෙන වයිරස් ට්‍රෝජන් වැනි විනාශකාරී මෘදුකාංග මෙම නමින් හැඳින්වෙයි. පරිගණක භාවිතා කරන්නෝ මෙම විනාශකාරී මෘදුකාංගවල තර්ජනයට ගොදුරුවීමේ අවදානමට ලක් වන අතර ඒවායේ වින්දිතයකු වීමේ අවදානමට ද භාජනය වෙති.

3. අනන්‍යතාව සොරා ගැනීම / වංචාව Adebtiy Tneft

වෙනත් පරිගණක භාවිතා කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සොරා ගැනීමටට අපරාධකරුවෝ අන්තර්ජාලය භාවිතා කරති. ඉතා ප්‍රකට වූ අනන්‍යතා වංචාව සිදු කරනු ලබන්නේ “ෆිෂිං” හෝ “ෆාමිං” නමිනි. අපරාධකරුවෝ මෙම ක්‍රම දෙක ම යොදා ගෙන නීත්‍යානුකූලසේ පෙනී සිටින ව්‍යාජ වෙබි අඩවිවලට යාමට පරිගණක භාවිත කරන්නන් නම්මා ගෙන ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ඒවායේ සටහන් කිරීමට පොලඹවා ගනිති.

ෆිෂිං Phishing

මින් හඟවන්නේ කෙනෙකුගේ පෞද්ගලික තොරතුරු සොරා ගැනීමේ උත්සාහයකි. අපරාධකරුවන් නීත්‍යනුකූල වෙබ් අඩවියකින් එවන්නාක් මෙන් හඟවා පරිගණක භාවිත කරන්නන් වෙත ඉලෙක්ට්‍රොනික ලිපි එවා ලබන්නාගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කරන ලෙස මෙබඳු ඉලෙක්ට්‍රොනික පණිවිඩවලින් දන්වනු ලැබේ.

ෆිෂිං ඉලෙක්ට්‍රොනික පණිවිඩ සකස් කර ඇත්තේ විශේෂයෙන් භාවිත කරන්නන්ට නියමිත යතුර තද කිරීමටය. තමන් එම පණිවිඩය පිළිගත් පසු පරිගණක භාවිත කරන්නාගේ දැනුමෙන් තොරව වෛරය පරිගණකයේ තැන්පත් විය හැකිය.

ෆාමින් Pharming

ව්‍යාජ වෙබ් අඩවි මගින් පෞද්ගලික තොරතුරු ලබා ගැනීම ෆිෂිං ක්‍රමයෙන් කෙරෙන අතර මෙහිදී සිදුවන්නේ බොහෝ විට පරිගණක භාවිත කරන්නා නොදැනම ඔහු ව්‍යාජ වෙබ් අඩවිවලට නැවත යොමු කිරීමයි.

4. සයිබර් අවකාශය හරහා රහසේ ලුහුබැඳීම් Cyber stalking

මූලික වශයෙන් “සයිබර් අතවර” ලෙස හඳුන්වන්නේ සයිබර් අවකාශය උපයෝගී කර ගනිමින් වෙනත් කෙනෙකුට නොකඩවා හිංසා කිරීමයි. අතරවර කිරීමේ ස්වරූපය ලිංගික හිරිහැරවල සිට කෝපය හා එදිරිවාදිකම් දක්වා විවිධාකාර වෙයි. අන්තර්ජාලයෙහි තම පෞද්ගලික තොරතුරු සටහන් කිරීම නිසා යමෙක් සයිබර් පීඩාවන්ට ගොදුරු වීමේ අවදානමට භාජනය වෙයි.

5. ළමා අශ්ලීල රචනා Child Pornography

මෙහිදී ළමා ලිංගික සූරාකෑම වෙසෙසින්ම ළමා අශ්ලීල සාහිත්‍යය අලෙවි කිරීම සඳහා අන්තර්ජාලය යොදා ගනු ලැබේ.

6. ස්පෑම් Spam

ඉල්ලුම් නොකරන ලද දීර්ඝ පණවිිඩ වග විභාගයක් නැති ව යැවීමට ඉලෙක්ට්‍රොනික පණිවිඩ හුවමාරු පද්ධතිය යොදා ගැනීම “ස්පෑම්” යනුවෙන් හැඳින් වෙයි. වැඩි වශයෙන් පිළිගත් ස්පෑම් වර්ගය ඉලෙක්ට්‍රොනික ලිපි ස්පෑම් වේ.

සමාජ සම්බන්ධතා ජාල Social Networking යනු මොනවාද ?

සාම්ප්‍රදායික යෙදුමක් ලෙස සමාජ සම්බන්ධතා ජාල අතීතයේදී දැක්වූ අර්ථයට ඉඳුරා ම වෙනස් අර්ථයක් අද මේ යෙදුමෙන් හැඟවෙයි. අද එය භාවිත කරන්නේ පුද්ගලයින් හෝ කණ්ඩායම් අතර අන්තර් ක්‍රියා සඳහා පහසුකම් සපයන අන්තර්ජාලයෙහි පිළිගත් සේවා අඩවි හැඳින්වීමටය. සමාජ සම්බන්ධතා ජාලගත කිරීමේ සේවාව සමාන අදහස්, ක්‍රියාකාරකම් හා වැඩකටයුතු කරන අය අතර සමාජ සම්බන්ධතා හෝ සමාජ සම්බන්ධතා ජාල හෝ ගොඩනගාගැනීමට පොදු වේදිකාවක් සපයන අන්තර්ජාල සේවාවකි.

සමාජ සම්බන්ධතා ජාලගත කිරීමේ සේවාවක සෑම විට ම එක් එක් භාවිත කරන්නාගේ තොරතුරු ඔහුගේ / ඇයගේ සමාජ සම්බන්ධතා සන්ධාන සහ අමතර සේවා රැසක් ඇතුළත් වෙයි. බොහෝ සමාජ සම්බන්ධතා ජාල ගත කිරීමේ සේවා වෙබ් පදනමක ගොඩනගා ඇති අතර අන්තර්ජාලය ඔස්සේ ඉලෙක්ට්‍රොනික ලිපි සහ ක්ෂණික පණිවිඩ හුවමාරුව වැනි භාවිත කරන්නන්ට අන්තර් සම්බන්ධතා පවත්වා ගැනීමේ මාර්ග සැපයේ. එමඟින් ‍ෙපෟද්ගලික තොරතුරු හුවමාරු කර ගැනීමේ පහසුකම් ඉතා ඉහළ මට්ටමක පවතියි. හිරිහැර කරන්නන් පරිගණක අපයෝජන සිදු කරන අවස්ථා ද ඇත. කෙනෙකු තවත් කෙනෙකු අපකීර්තියට පත් කිරීමට තීරණය කළ අවස්ථාවක සමාජ සම්බන්ධතා ජාලගත කිරීමේ සේවා අඩවියක ව්‍යාජ පෞද්ගලික තොරතුරු හා ව්‍යාජ වෙබ් අඩවි සැකසීමට ද හැකිවෙයි.

1. විද්යුත් තැපෑල - Electronic Mail

ඉලෙක්ට්‍රොනික තැපෑල හෙවත් “ඊමේල්” ලිපිය ලියන තැනැත්තා සහ තනි අයෙකු හෝ කිහිප දෙනකුගේ හෝ අතර ඩිජිටල් පණිවිඩ හුවමාරු කරගැනීම සඳහා යොදා ගන්නා මාර්ගයක් වෙයි. වත්මන් ලොවෙහි ඉලෙක්ට්‍රොනික තැපෑල අන්තර්ජාලය හරහා මෙන් ම වෙනත් පරිගණක ජාල හරහා ද ක්‍රියාත්මක වෙයි. ඉලෙක්ට්‍රොනික තැපෑල ද එක්තරා අන්දමක සමාජ සම්බන්ධතා ජාලගත කිරීමේ ක්‍රමයක් වුව ද ලිපිය ලියන්නාට තමා ලියන දේ පිළිබඳව සිතා බැලීමට කාලයක් ඇති හෙයින් ද පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධ කිරීමේ අවදානම අඩු හෙයින් ද එතරම් හානිකර නොවේ.

2. බ්ලොග් - Blog

“බ්ලොග්” යනු ඉතා ම මෑත සටහන් මුලට එන පරිදි, ආපස්සට යන කාලානුක්‍රමික රටාවකට අනුව, ප්‍රදර්ශනය කරන සටහන් සහිත අන්තර්ජායේ පළ කරන පෞද්ගලික සඟරාවකි. ඇතැම් විට මෙවැනි අඩවි තනි පුද්ගලයින් විසින් පවත්වා ගෙන යනු ලබන අතර එක ම තේමාව යටතේ කුඩා කණ්ඩායම් පවත්වාගෙන යන අඩවි දැකිය හැකිය. මෙය දින පොතක් පවත්වාගෙන යාමට සමාන වන අතර වැඩි පෞද්ගලික පාලනයක් යටතේ එය කළ හැකි වෙයි. කෙසේ වුව ද ගුණදොස් හෝ විවේචන කිරීමට අවකාශය ඇති හෙයින් පෞද්ගලික දිනපොත ප්‍රසිද්ධ ලේඛනයක් බවට පත්වන අතර, අන්‍යයන්ගේ අදහස් හෝ විවේචන පාලනය කිරීමේ හැකියාව අහිමි වෙයි. තොරතුරු බෙදා ගැනීමේ අවකාශය ඉතා පුළුල් වීමෙන් සංවාදයට ඇති කේෂ්ත්‍රය විශාල වීම නිසා අවදානම තර්ජනය බවට පෙරළෙයි.

3. ෆේස්බුක් - Face Book

ෆේස්බුක් ලොව ඇති ඉතා ම ජනප්‍රිය සමාජ සම්බන්ධතා ජලගත කිරීමේ සේවාවකි. සමාජ සම්බන්ධතා ජාලගත කිරීමේ සේවා වෙබ් අඩවි පුද්ගලයන්ට අන්තර්ජාලය මගින් වෙනත් අය හමු වී අන්‍යොන්‍ය සම්බන්ධතා අතිකර ගැනීමට සලසන විශේෂඥ වෙබි අඩවි වෙයි. ඔවුන් ඇති කරගන්නා අන්‍යොන්‍ය සම්බන්ධතා එදිනෙදා ජීවිතයේ සිදුවීම්, තොරතුරු, ඡායාරූප හා වීඩියෝ බෙදාගැනීමක් වෙයි. අලුත්ම ෆෙස්බුක් සංඛ්‍යා ලේඛනවලට අනුව දිනකට ලොව වටා මිලියන 300ක් පමණ සේවාදායකයන් මේ සේවාව පාවිච්චි කරන අතර ඔවුහු මිනිත්තු බිලියන 6ක කාලයක් එහි යෙදෙති.

මෑතක කරන ලද සමාලෝචනයකට අනුව ෆේස්බුක් අඩවියෙහි ජනප්‍රියත්වයට පහත සඳහන් කරුණු හේතු වී ඇත.

*භාවිත කරන්නන්ට ඡායාරූප හා වීඩියෝ අසීමිත ප්‍රමාණයක් අප්ලෝඩ් කොට මිතුරු මිතුරියන් හා බෙදාගැනීමට හැකි වීම.

*තම මිතුරු මිතුරියන් දවසේ සෑම මොහොතකම කරන කියන දේ පිළිබඳ දැන ගැනීමට හැකි වීම.

*වෙබ් පදනම් වූ ක්‍රිඩායන්හි තම මිතුරු මිතුරියන් හා තරග කිරීමට හැකි වීම.

*තම මිතුරු මිතුරියන්ට ඉලෙක්ට්‍රොනික තෑගි යැවීමට හැකි වීම.

කෙසේ වුව ද සෑම තාක්ෂණික උපකරණයකම මෙන් ෆේස්බුක්වල ද පෞද්ගලිකත්වය හා බැඳුණු ප්‍රශ්න පැන නැගී ඇත. පෞද්ගලිකත්වයට හානි පැමිණි විට විවිධ පහර දීම් ෆේස්බුක් පරිහරණය කරන්නන් වෙත එල්ල වනු ආරම්භයේ සිටම දක්නට ලැබිණි. සමාජ සම්බන්ධතා ජාලගත කිරීමේ සේවා පුද්ගලයින් පිළිබඳ වැඩි තොරතුරු, කරන කියන දේ, සිටින තැන හා ආශ්‍රය කරන අය වෙනත් පුද්ගලයින්ට දැන ගැනීමට මං පාදයි. එබඳු තොරතුරු මගින් ජීවිතයට තර්ජන පවා එල්ල කළ හැකි වෙයි.

4. ඩේටිං අඩවි - Dating Sites

මෙබඳු අඩවි පරිහරණය කරන්නන් කැමැත්තෙන්ම තම පෞද්ගලික තොරතුරු හෙළි කරති. වියවුල් ඇති කිරීමෙන් සතුටට පත්වන අශිෂ්ට පුද්ගලයින් අතරට මෙම විස්තරාත්මක තොරතුරු පත් කිරීමේ අවදානමක් ඇති කරයි.

5. වැට් අඩවි - Chat Sites

තොරතුරු සැපයීමට අමතරව වෙනත් පුද්ගලයන් හා ඍජුව සම්බන්ධ වී අන්තර් ක්‍රියා කිරීම සඳහා කාලය වැය කිරීම වැට් ක්‍රියාවලිය සේ හැඳින්විය හැකිය. කතාබහෙන් ඇරඹෙන සම්බන්ධතා නොහඳුනන කෙනෙකු හමුවීමට එකඟවීම දක්වා වර්ධනය වෙයි. එමඟින් කෙනෙකු නොදැනුවත්වම හානිකර වූ සිදුවීම සඳහා පොලඹවා ගැනීමට තවත් අයෙකුට අවස්ථා සැලසෙයි. මෙවැනි අඩවි කෙනෙකු රවටා මෙහෙයවීමට මං සලසයි.

තොරතුරු මූලාශ්‍රය : කාන්තා සහ ගැහැනු දරු ආරක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා නීති නාමාවලිය, ළමා සංවර්ධන හා

කාන්තා කටයුතු අමාත්‍යාංශය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.