නූතන මුද්‍රණ පෙරළිය සමුත්කර්ෂණ මුද්‍රණ ශිල්පය | සත්මඬල

නූතන මුද්‍රණ පෙරළිය සමුත්කර්ෂණ මුද්‍රණ ශිල්පය

මේ ‘සත්මඬල’ ඔබතට පත් වන්නේ සමුත්කර්ෂණ මුද්‍රණ (Sublimation Printing)  ශිල්පයෙනිග ඒ බැවින්ල අපගේ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන චාරිකාවේල මුද්‍රණද්වාරයට අප දැන් සපැමිණ සිටින්නෙමු.

සිය අහර කිස උදෙසා දඩයමේ ගිය ආදි මානවයාල ඉන් සෑහීල තම කුස පුරවා ගෙන රාත්‍රියේ තම නවාතැන වූ ගල් ලෙනෙ හි ඈඳි ගත් කලල දැල්වෙන ගිනි මැළයේ ආලෝකය විසින් ලෙන් බිතු මත පතිත කරවනු ලබන අනෙකුන්ගේ ඡායාවන්හි චමත්කාරය දිටී ය. ඒ වනාහිල නිසල සේයා රුවෙන් ආරබ්ධ සිනමාව පසු කරල රූපවාහිනී තිරය මත පරිගණකයෙන් මවන ග්‍රාෆික රූපවල ආරම්භය නොවේ ද?

එහෙත්ල අප විස්ම ගන්වන පුවතක් වන්නේල ඊට පළමු වල තම ගල් ලෙනෙන් නික්මුණු ඔහු දඩයම් යුගයෙන් එඬේර යුගයට පිවිසීමෙට පෙරාතුව කර ඇතැයි සැලැකෙනල සුවිසල් ඉදි කිරීම් පිණිස ගත් උත්සාහය ය.

පාෂාණ හෙවත් ශිලා භාවිතයෙන් ඉදි කිරීම් පටන් ගැනුණු මේ වකවානුවල ඉතිහාසඥයෝ මෙසේ හඳුන්වති

එනම්,

1. පූර්ව ශිලා යුගය -  Paleolithic era

ක්‍රි. පූ 40 –000 – 20ල000

2. මධ්‍ය ශිලා යුගය - Mesolithic era
ක්‍රි.පූ 20 –000 – 12ල000

3. අපර ශිලා යුගය - Neolithic era .
ක්‍රි.පූ 12 –000 – 1ල000

වශයෙනි.

අසල් වැසි භාරතයේ ‘මොහෙන්දො-ජාරෝ ල ‘ජාන්-හු-දාරෝ සහ ‘හරප්පා’ යන නගර ඉදි කිරීම් පිහිටි ‘ඩන්දු නිම්නය’ද මෙසපොතේමියාවේ යුප්‍රටීස් හා ටෛග්‍රීස් ගංගාවන්ට මැදි ව ඇරැඹි හෙයින්ල ඒ අනුව නම් ලත් ‘දෙ ගං මැදි රාජ්‍යය’ දල පිරමීඩ ඉදි කර ඇති ‘ඊජිප්තුව’ හා චීනයේ ‘හොවැංහෝ’ ද යනුල ලොව පළමු වන ශිෂ්ටාචාර ලෙස අද්‍යතනයේ උගැන්වෙයි.

යම් ද්‍රව්‍යය ක් පිලිස්සීම හේතුක ව ශේෂ වන අංගාර හෙවත් ‘කාබන්’ මඟින් එය කොපමණ කාලයකට පෙර තිබුණු දෙයක් දැයි නිශ්චය කර ගත හැකි පරීක්ෂණ ක්‍රමවේදයක් වෙයිග ඒ නම් ග ‘කාබන්-කාල නිර්ණ පරීක්ෂණය’ ‘කාබන්-කාල නිර්ණ’ පරීක්ෂණ අනුවල මේ කියන හැම ශිෂ්ටාචාරයෝ මල ක්‍රිස්තු පූර්ව තුන් දහස (3000) පමණේ දී ඇරැඹී බව ට විතර්කය හ.

යට සඳහන් කළ පරිදිල එක් දහස් නම සිය අනූ හතර (1994) වන ක්‍රිස්තු වර්ෂයේදීල ගිනිකොණදිග තුර්කියේ කළ කැණීම්වලදීල පැරැණිතම දෙවොලක නෂ්ටාවශේෂ හමු වූයේ යග එයල ක්ලවුස් ෂ්මිඩ්ට් නම් ජර්මන් ජාතික පුරා විද්‍යා ගවේශකයා විසින් හඳුනා ගන්නා ලද්දකිග එතැන ට දී ඇති නාම දෙකක් වෙයිග එ නම් ‘තඩි බඩ ගෙඩිය’ ලෙස අර්ථ දැක්වෙනල ‘ගොබෙක්ලි - ටෙපේ’ හා ‘නාහි හෙල’ යග ක්ලවුස් ප්‍රකාශය ට පත් කර ඇත්තේල එය ලොව පළමු වන ‘ආසන දෙව් මැඳුර නොහොත් ප්‍රධාන දෙවොල සේ සැලැකිය හැකි බවයග මෙහි අරුමය කිමරෑ

කාබන් - කාලනිර්ණ පරීක්ෂණ අනුවල එකී අවශේෂයෙන් හෙළිදරව් වන ආකාරයට මල එම ඉදි කිරීම් වනාහි වාස්තු විද්‍යාත්මක ව්‍යුහයන් සඳහා වන පළමු වැනි නිදර්ශන කිහිපයෙන් එක කිග එහි ඉතිහාසයල ක්‍රිග පූග දහ (10) වැනි හා නම (09) වැනි සහස්‍රක අතර යග එ නම්ල මෙතෙක් පිළිගැනුනු ක්‍රිගපූග තුන් දහස (3000) වසර අතික්‍රමණය කළල වසර දස දහස (10ල000)ක කාලය යග මේ හේතුක වල අප මෙතෙක් දැන සිටි අප ගේ මිනිස් ශිෂ්ටාචාරය පිළිබඳ දත්ත ල උඩු-යටිකුරු විය.

ඒ එදා ඒ ප්‍රාග් ඓතිහාසික මානවයාල තම චර්යාවන්ල අද්‍යතනයේ ජීවත් වන සිය මුනුපුරු මිනිපිරියන් වෙත සන්නිවේදනය කර ඇති ආකාරයයි.

ඉංගිරිසියේ communication යන්න ‘සන්නිවේදනය’ ලෙස සිංහලය ට නැඟී ඇත්තේල තොරතුරු ආදී එකතු කොට ගත් දෑ (සං යන උපසර්ගය)ල උචිත ලෙස එකක් පාසා එකක් සම්බන්ධ කොට ගෙන (නි යන උපසර්ගය)ල වෙනත් අය ගේ සවිංඥානයට පත් කරවීම (වේදනය) යන අර්ථය ඇතිවල සන්ධි වුණු ල සං+නි+වේදනය යන්නයග එයල සන්නිවේදනය යන තනි වදන බව ට පත් වෙයි.

‘තඩි බඩ ගෙඩිය’ නම් හෙලෙ හි සිය පල්ලිය ඉදි කළ මානවයාල එදා එහි තැන්පත් කෙළේල දියදම් දිනිතිය වෙතින් තමන් උකහා ගත් දෑ යග ඒ තැනල සිඟාලයන්ල සිංහයන්ල වෘෂභයන්ල වල් ඌරන්ල කොකුන්ල තාරාවුන්ල ගෝනුස්සන්ල කුහඹුවන් හා සර්පයන් ගේ රූප සහිත ශිලා ටැම් වලින් අලංකෘතයග මූර්ති ශිල්පය බධල අර්ධ උන්නත් (ිැපස-රුකසැෙ) ශිලා නෙළීමෙන් කර ඇති එම කෘතින් සඳහාල යකඩෙන් තනාල වානේ වන්නට පණ පෙවූ මෙවලම් වුවමනා ය.

ඒ හෙයින් ම ‘එය ට පෙරල මිනිසා විසින් යකඩ සොයා ගන්නා ලදැ’යි ඔහු ගේ ම සන්නිවේදනයෙන් අපට ග්‍රහණය වෙයි.

එබැවින් මෙහි කියැවෙන ප්‍රාග් ඓතිහාසික මානවයා සන්නිවේදකයා බවට පත් වෙයිග අපගේ විෂයයට අදාළ ව ඒ හැඳින්වෙනුයේ ‘යවන්නා’ (sender)  ලෙස යග මෙහි දී අප සිත ට නිතැතින් ම නැ‍ඟෙන්නේ සන්දේශයකිග එය සිත්තරකු විසින් කරන ලද සිත්තමක් වය හැකි ය. ජන මාධ්‍ය ශිල්පියකු විසින් මාධ්‍ය නාළිකාවක් ඔස්සේ විකාශය කරන ප්‍රවෘත්තියක් විය හැකි යග ගුරු භවතකු විසින් උගන්වන පාඩමක් ද විය හැකිය. එය අඩයාලමක්ල චිහ්නය ක් ‍හෝ ලකුණු සමූහය ක් ‍හෝ වෙයිග සන්නිවේදකයාගේ පරමාර්ථය වන්නේල තමා විසින් සන්නිවේදනය කරනු ලබන චිහ්න විසින් එය ග්‍රහණය කර ගන්නා පුද්ගලයා හෙවත් ග්‍රාහකයා  (receiver)  ගේ චිත්තාභ්‍යන්තරයේ ප්‍රතිචාරයක් ඇති කරනු ලැබීම ය.

ලොව එසේ කළෝ බොහෝවකිග යේසුස් ක්‍රිස්තූන් වහන්සේල බුදුන් වහන්සේල මහත්මා ගාන්ධිල ඇරිස්ටෝටල්ල සොක්‍රටීස් හා ප්ලේටෝ යනු එවැනි අයවළුන් ය.

ග්‍රාහක චිත්තාභ්‍යන්තරයේ ප්‍රතිචාරයක් ඇති කරනු ලැබීම යන්න ගැන අප හද සන්තානයෙහි කුමක් නම් චිත්‍රණය වෙයි ද?

වත්මන් ලෝකයේ මාධ්‍ය වෙත ආකර්ෂණය වන අපිල ඉන් වැහෙනල රසාලිප්ත විවිධ රූපකල සන්නිවේදනය ලෙස අර්ථ දැක්වීමට හුරු පුරුදු වී සිටින්නෙමුග එහෙත් ආදි මානවයා තම පරම්පරාවේ අභිවෘද්ධිය තකාල කරන ලද සන්නිවේදන මෙහෙවර ගැන කතා නො කරන්නෙමුග ඒ මන්ද යත්ල අප ඒ ගැන නො දන්නා බැවිනි.

වාස්තු විද්‍යාව වූකලිල මානවයාට නැතිව ම බැරි දෙයකිග කාෂ්ඨ ශිල්පියකු ල නිවෙස ක උළුවස්සක් තැනීමේ දීල එය නො ගැළැපෙන සේ සවි කරනුයේල ‘කුඩුම්බිය’ හා ‘තව්ව’ යොදා ගැනීමේ ශිල්පය මඟිනිග එය ආදි කාලයේ සිට මල පරම්පරාව ක් පාසා විහිද එන ක්‍රම වේදයකිග එහි අතීතය ගැන සොයා බලන විටල බ්‍රිතාන්‍යයේල සැලිස්බරි ප්‍රාන්තයේල විල්ට්ෂරයර් හි ‘ස්ටෝන් හෙන්ජ්’ (Stone Henge) නම් වූ අපූර්වතම ශෛලමය ඉදි කිරීම වෙත අපි පා නැඟිය යුතු වෙමි.

‘ක්‍රිගපුග තුන් දහස් එක සියයත්ල එක් දහස් පන් සියයත්ල අතර කාලය තුළල වරින් වර එය ඉදි කරනලදැ’යි පුරා විද්‍යා ගවේෂණයන් ගෙන් හෙළි කර ගනු ලැබිණිග කවයක් ලෙස එහි සිටුවන ලදල සිරස් ව පිහිටැ වූ හිලා ටැම් දෙකක් මත රඳවන ලද දැවැන්ත තිරස් ගල් පතුරක් බැගින් වූ උළුවහු විස්සකට අධික සංඛ්‍යාව කි.

එහි වැඩි ම උසැති පාෂාණයක්ල ටොන් විසි පහ ක් බර යග උස මීටර් නවයක් හෙවත් අඩි තිහකිග මේවා අදටත් දැකිය හැක්කේල වර්තමාන වාස්තු විද්‍යාඥයන් ද මවිත කරවිමිනිග ඒ සවි කැරැ ඇත්තේල ‘කුඩුබ්බි’ හා ‘තව්’ යොදා ගනිමිනිග එ වැනි ඉදි කිරීම්වලින්ල ප්‍රාග් ඓතිහාසික මානයාල තමාට වඩා වසර පන් දහසක් පමණ ඉදිරියෙන් සිටින තම අනාගත ඥාතිය වෙත සන්නිවේදනය කැරැ ඇත්තේල නොසෙලැවෙන තාක්ෂණයකි.

.කරුණු මෙසේ හෙයින්ල අද්‍යතනයටත්ල එහි භාවිත වන පරිගණක ශිල්පයටත්ල සන්නිවේදනය සීමා කළ යුතු නො වෙයිග එසේමල වචන නැතිවල හඬ පට නැතිල දෘශ්‍යමාන ආකෘතියක් පවා සන්නිවේදනයේ ඒ පැති කඩක් බව සිහි තබා ගත යුතු ය.

සන්නිවේදනයේ ඇත්තේ

1 අන්තර් වර්ති

Intra personel

2 පුද්ගලාන්තර

Inter personel

3 සමූහ

Group

4 ජන

Mass


5 විශ්වීය

Universal
 

යනුවෙන් වු පංචකෘතීන් ය.

මෙයින්ල අන්තර්වර්ති යන්නල ස්වාභාවික සංසිද්ධියකිග එහෙයින් එයට ස්වයං සන්නිවේදනය   (Auto Communication) යනුවෙන් ද වැහැරෙයිග තව දල විශ්වය වූකලිල අනන්ත වූ ත්ල අගණිත වූත්ල අක්-මුල් නැති අවකාශයක් වන බැවින්ල එය හැඳින් වීමටල අවකාශ (ීච්ජැ) යන්න ද භාවිත කෙරෙයිග මේ ආකෘතීන් මෙසේ හඳුන්වා දිය හැකි ය.

අන්තර්වර්ති හෙවත් ස්වයං සන්නිවේදනය

මේ වූ කලිල යම් පුද්ගලයකුගේ මනැසෙ හි ‍ඉබේට ම ජනිත වන හෝ තමන් විසින් ම ඇති කර ගනු ලබන සිතිවිල ප්‍රශ්නල ගැටලු හා අර්බුද පිළිබඳල තමන් විසින් ම තම මනැස මෙහෙය වනු ලැබල ඒ විසඳා ගැනීමයග මේ මත ඇතැම් විට ගොඩ නැ‍ඟෙනුයේග ලොව ට ප්‍රයෝජ නවත් නව නිර්මාණයන් ය.

පුද්ගලාන්තර සන්නිවේදනය

පුද්ගලයන් දෙදෙනකු අතර සිදු වන අදහස් හුවමාරුව මෙයින් හැඟැවෙයිග

සමූහ සන්නිවේදනය

මේ වනාහි දෙදෙනකුට වඩා වැඩි පුද්ගල සමූහයක් අදහස් හුව මාරු කර ගැනීමයග

ජන සන්නිවේදනය

අතාත්වික යථාර්ථය හෙවත් විද්යුත් සන්නිවේදන ජාලයන්  (Cyber Space)  සයිබර් අවකාශය) වෙත තොරතුරු සම්ප්‍රේෂණය කිරීම අදහස් කරයි.

ප්‍රාග් ඓතිහාසික මානවයා මේ සන්නිවේදන වර්ගී කරණ නො දැන සිටියේ වී නමුදුල ඔහු සයිබර් අවකාශය දක්වා සිය සන්නිවේදනය විහිදුවාලූවේයග ඒ ආදි මානවයාගේ ස්මරණ ශක්‍යතාවයල අද්‍යතන මිනිසාගේ මතක හැකියාවන් අබිබවා ලයි.

චිත්‍ර කර්මයල පාසල් විෂයයකිග එහි එක් අභ්‍යාසයක් වන්නේග මේසයක් මත තබන ලද ඇතැම් දෑ දෙස බලා ගෙන එය කඩදාසියක ඇඳීම ය.

ඉතා හොඳට ඒ කළ හැක්කේ ස්වල්ප දෙනෙකුන්ට යග එහෙත්ල ආදි මානවයාල තමා දඩයමේ යද්දී දුටු දෑල දිනකට දෙකට පසුවල තමා ගේ නිවහන වූ ගල්ලෙනෙහි බිතු මත සටන් කෙළේල ඒ දෑ දෙස බලා ගෙන නොවේත මතකයෙනිග චිත්‍ර කලාව උගන්වත් දීල ඔහු ලෙන් බිතු මත ඇඳි ‘තප්පුලන ගවයා’ (Bellowing Bison) ඊට කදිම නිදසුනකි.

මෙසේ ‘ලෙන් බිත්ති මත ඇඳි ගව රූපයක් වූ ‘දුවන බයිසන්’ (Running Bison)  ට ඉදිරි හා පසු පාද සතරක් බැගින් ඇඳ ඇත්තේ මන්දැ’යි ඇතැමකු කල්පනා කරනු ඇතග කුඩා ළමයි දල මෙවන් චිත්‍ර නිර්මාණය කරතිග වේගයෙන් දිව යන අයකු හෝ සත්ත්වයකු ගේ පාදල වැඩි ගණන ක් මනැසේ සටහන් වෙයිග ඒ ළදරු මනැසෙහි යග එහෙත් වයසින් වැඩෙත්මල මෝරන මනැස විසින් ඒ තර්කය බිඳ හෙළමින්ල සත්ත්වයාගේ නියම පාද ගණන සිය සිහියට ගනියිග ඇත්ත වශයෙන් මල අදිතම මිනිසා දල ළදරුවකු වැන්නග වේගයෙන් දිව යෑමේ දීල චලනය වන පාද ඇසට හසු වන්නේල පා වැඩි ගණනක් ලෙසට යග ඒ මිනිස් ඇස කට එක් තත්ත්පරයටක් තුළ රඳවා ගත හැක්කේල එකිනෙකට වෙනස් රූපල පනහක් වීම නිසා ය.

සිනමා ප්‍රක්ෂේපණයකදී දක්නට ලැබෙන්නේ දල රූප පනහකට ආසන්න වනල රූප රාමු හතළිස් අටකිග සතකු හෝ මිනිසකු හෝ දිව යන දසුනක් රැගත් සිනමා දළ සේයා පටයක් පිරික්සා බැලුව හොත් එක ම රූප රාමුවේල පාද වැඩි ගණනක් ඇති බව දකිත හැකියග එසේ නම්ල පාද වැඩි ගණනක් ඒ ආකාරයට ද දිස් වන බැව් වටහා ගැනුම පිණිසල ආදි මානයාට නරඹන්නටල වැඩි වේගයකින් දිව යන විටල උහුට තිබෙනවාට වඩා වැඩි ගණනක් පාද දිස් වෙයි.

ඊට හේතුවල එක් තත්පරය ඇතුළත මිනිස් ඇසකට දරා ගත හැකි රූප ප්‍රමාණය පනහක් පමණක් වීම යග සන්නිවේදනය ක්ෂේත්‍රයේ ප්‍රධාන මාධ්‍යයක් වන්නේ කැමරා යග ඉන් දල චලන චිත්‍ර කැමරාවල විශේෂ තැනක් ගනී.

අද්‍යතනයේ නිපදවන කැමරා වූකලිල දළ සේයා පටල අභාවිතල එ හෙත්ල සූක්ෂම ප්‍රභා ලේඛන සඳහා ම සැකැසුණු මෙවලම් යග ආදිතම මිනිසාල මෙලොව බිහි වන විටල දිව්‍යත්වය විසින් ප්‍රදානය කරනු ලැබ ඇති ශක්‍යතාවලින් විපුල ප්‍රයෝජන ගත්තේල තමා සතුව ඇති පවේන්ද්‍රියයන් සැම විට ම පාවිච්චි කරමිනිග ඔහුට සන්නිවේදන මෙවලම් නොතිබිණිග ඒ නිසා තත්ත්වාකාරයෙන් මල දෘශ්‍යමාන වනල ශ්‍රවණය වනල ආඝ්‍රාණය වනල රස බැලෙන හා ස්පර්ශ වන දෑ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඔහු සතු වියග එහෙයින්ල සතකු දිව යෑමේ දීල උගේ පාද පිහිටන ආකාරයල වත්මනෙහි සිනමා කැමරාව ද දළ සේයා පටලයේ සටහන් වන රූප රාමු හා සමානවල ආදි මානයා දැක ඇති බව අපට පසක් කර ගත හැකිය.

දෘශ්‍යමාන ඉන්ද්‍රියයන් පහක්ල මිනිසාට ප්‍රදානය කර ඇති බවල ශුද්ධ බයිබලය පවසයිග එ මෙන් ම එහි සටහන්ව ඇත්තේ ල ඊට අමතරවල තවත් ඉන්ද්‍රියයන් දෙකක් ද ඔහුට දී ඇති බවත්ල ඒවා අදෘශ්‍යමාන බවත් යග යට කී වීන්ද්‍රියයන් වන්නේල ඥානය හා බුද්ධියයිග එහෙත් සප්තේන්ද්‍රියයක් මිනිසා සතුයග දෘශ්‍යමාන ඉන්ද්‍රියයන් විසින් ග්‍රහණය කර ගනු ලබන දැනුමල අදෘශ්‍යමාන ඥානේන්ද්‍රිය මඟින් විශ්ලේෂණය කොටල බුද්ධිය වෙත සම්ප්‍රේෂණය කරනු ලබයි.

සමස්ත විශ්වයට ඔබ්බෙන් ඇති දිව්‍යත්වයෙන් ගලා එන ප්‍රඥාව හා බද්ධ විය හැක්කේල බුද්ධිය අවදි කර ගැනීමෙන් පමණිග ද්‍යෝතනය හෙවත් බුද්ධත්ව ප්‍රාප්තිය ලෙස එය හැඳින්වෙයිග සිද්ධාර්ථ ගෞතමයින්ල බුදු බව අත්පත් කරගැනීම යන්න ඉංගිරිසියෙන් කියැවෙන්නේ enlightenment of Buddha  යනුවෙනි.

මෙලොව ඇති දෑ නො පෙනෙන අයල තමන් පාවිච්චි කරන්නට යොදා ගන්නා ඇතැම් ද්‍රව්‍ය වල භාව  (Condition)  පිරික්සන්නේල ඒවා තම ඇතැඟිලිවලින් ස්පර්ශ කරමිනි.

විදුලි සෝපානවල ගමන් කරන දෘශ්‍යාබාධිත අයගේ පහසුව තකාල ඒවායේ මහල් අංක දක්වා ඇති තහඩු මතල ‘බ්‍රේල් ස්පර්ශාක්ෂර සටහන් කර තිබෙයිග ශ්‍රී ලංකා මහ බැංකුව විසින්ල අප රටේ හි මුදල් සංසරණය පිණිසල වත්මනෙ හි මුද්‍රණය කරනු ලබන මුදල් නෝට්ටු මතල එම මුදල් ප්‍රමාණ හඳුනා ගැනීමේ ස්පර්ශාක්ෂර සලකුණු මුද්‍රණය කර ඇති බවල එය පිරික්සන විට දැක ගත හැකියග මෙම නෝට්ටු අද්‍යතනයේදී සමතල මුද්‍රණ ක්‍රම වේදය භාවිතයෙන් නිම කෙරෙයිග සමතල යනුල එක ම තලයෙක පිහිටීමයග එවිටල එහි කිසිවක් ස්පර්ෂයෙන් හඳුනාගත නොහැකියග එ බැවින් ඒවා මත මුද්‍රණය කරන මේ ස්පර්ශාක්ෂර සඳහා යොදා ගැනෙනුයේල ස්ක්‍රීන් මුද්‍රණ ශිල්පය යග මෙනයින් බලන කලල අනාදියේ පටන්ල සන්නිවේදනයේ යෙදුණු මානවයාල ඒ සඳහා යොදා ගත් මාධ්‍යයන් විසින් නිරුක්ත කරනු ලබන්නේල අද්‍යතන මානවයා නිමවනල නවතම යැයි කියන හැමෙකක ම බීජයල තමන් විසින් නිෂ්පන්න කරනු ලැබ ඇති බවය.

වෙනත් අන්දමකින් පැවැසුව හොත්ල මේ ලිපියේ මුල සිට ම දක්වාලූ කරුණුවලින්ල අප හෙළි කරන්න උත්සුක වූයේල වත්මන් සන්නිවේදනයේ මාධ්‍ය තෝතැන්නෙහි ප්‍රාරබ්ධය ප්‍රාග් ඓතිහාසික මානවයා බවය.

එසේ හෙයින්ල සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය යන විෂයය අරභයාල මේ කාරණා වෙන් වෙන් ව පිරික්සිය යුතු වෙයිග ඒග සුවිපුල් වනස්පතියෙක අතු පතර සේ විහිද ගියල එහි අදෘශ්‍යමාන මූල පද්ධතියේ සිට ය.

මේ ‘සත්මඬල’ ඔබ’තට පත් වන්නේ සමුත්කර්ෂණ මුද්‍රණ (ීමඉකසප්එසදබ ඡරසබඑසබට) ශිල්පයෙනි. ඒ බැවින්ල අපගේ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන චාරිකාවේල මුද්‍රණද්වාරයට අප දැන් සපැමිණ සිටින්නෙමු.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.