කෝට්ටේ රාජධානි සමයෙහි ලියැවුණු ගුත්තිල කාව්‍යයෙන් ස්වාධීන සිංහල කාව්‍යයේ කූටප්‍රාප්තිය සලකුණු වන්නා සේ ම සම්ප්රදායෙහි පිහිටා සම්ප්රදාය ප්‍රශ්න කිරීමට බෞද්ධ චින්තන සම්ප්රදායේ ඉඩ පැවැති බව ද අනාවරණය වෙයි.සිංහල භාෂා හා සාහිත්‍ය අධ්‍යයනය ලංකාවේ බුදු සමයේ ව්‍යාප්තිය සමඟ ඇරැඹුණු ශාස්ත්‍ර සම්ප්රදායේ ආරම්භය තෙක් දිවෙන්නකි. එනයින් බලන කල එය ලංකාවේ පැරැණි ම ශික්ෂණ මාර්ගය ලෙස...